Thursday 18th of June 2026

English Tamil
Advertiesment


සනා අල්ලපුවම DIG ට මාරුවක්..?


2025-10-04 14927

 

මනම්පේරිට එක හැන්දක් - පුවක්දණ්ඩාවේ සනාට එක හැන්දක් 

 

(අචින්ත මධුර)

 

සිකුරාදා (03) පැවති මාධ්‍ය හමුවකදී සජබ ආසන සංවිධායක වරුණ දීප්ත රාජපක්ෂ මහතා ආණ්ඩුවේ මත්ද්‍රව්‍ය වැටලීමේ ක්‍රියාන්විතය පිළිබඳව අදහස් දක්වමින්  ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති සම්පත් මනම්පේරි අත්අඩංගුවට ගැනීමෙන් පසු ආණ්ඩුව ගෙන ගිය ප්‍රචාරක ව්‍යාපාරය සනත් වීරසිංහ අත්අඩංගුවට ගැනීමෙන් පසු ගෙන නොයෑම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවයි.

එමෙන්ම පසු ගිය දා පැවති මාධ්‍ය හමුවකදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ හෙළිදරව් කළේ සනත් වීරසිංහ හෙවත් පුවක්දණ්ඩාවේ සනා මාලිමාවේ මෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේද ගජ මිතුරෙකු බවයි. තවද පසුගිය මැතිවරණ වලදී මාලිමාව වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දුන් පුද්ගලයෙකු බවයි.

මෙවැනි තත්වයක් තුල හෙතෙම අත්අඩංගුවට ගත් පසු දින නාකොටික් ප්‍රධානී හේවාවිතරණ මහතා මාරු කර යැවීම සම්බන්ධයෙන් ආණ්ඩුව කරුණු පැහැදිලි කළ යුතු බවද වරුණ දීප්ත රාජපක්ෂ මහතා කීය.

 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment